Mosquitoes found in Iceland for the first time in History.

Mosquitoes found in Iceland for the first time in History.

ලෝකයේ මදුරුවන්ගෙන් තොරව පැවති එකම සහ අවසාන භූමිය ලෙස සැලකෙන Iceland රාජ්‍යයෙන් ප්‍රථම වතාවට මදුරුවන් සොයාගෙන තිබෙනවා. දේශගුණික විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. මෙතෙක් කලක් මදුරුවන්ගෙන් තොර ආරක්ෂිත කලාපයක් ලෙස පැවති මෙම දූපත් රාජ්‍යය තුළින් මදුරුවන් හමුවීම පරිසරවේදීන්ගේ මෙන්ම විද්‍යාඥයන්ගේ ද දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

Iceland හි පවතින සුවිශේෂී සහ අස්ථිර දේශගුණය, එනම් එකවරම දැඩි ලෙස ශීතල වීම සහ ක්ෂණිකව අයිස් දියවීම වැනි තත්ත්වයන් නිසා මදුරුවන්ට එහි බෝවීමට හෝ ජීවත් වීමට මීට පෙර කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මෑත කාලීනව ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ එහි උෂ්ණත්වය ක්‍රමයෙන් වෙනස් වීම නිසා මදුරුවන් බෝවීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මෙමඟින් ලෝක සිතියමේ මදුරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස්ව තිබූ අවසාන ස්වභාවික ක්ෂේම භූමියත් අහිමි වී යන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා.