MrBeast joins the Ramayana promotions

MrBeast joins the Ramayana promotions

ලොව අංක එකේ YouTube නිර්මාණකරු වන MrBeast හෙවත් Jimmy Donaldson, ඉන්දියාවේ Mumbai නුවර පැවති Nitesh Tiwari ගේ දැවැන්ත Ramayana චිත්‍රපටයේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනකට එක්ව තිබෙනවා. ගෝලීය මට්ටමින් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් සංවිධානය කෙරුණු මෙම අවස්ථාවට ප්‍රධාන චරිත නිරූපණය කරන Ranbir Kapoor, Sai Pallavi, Ravie Dubey, අධ්‍යක්ෂ Nitesh Tiwari සහ නිෂ්පාදක Namit Malhotra ඇතුළු පිරිස සහභාගී වී සිටියා.

මෙම හමුවේදී Ranbir Kapoor ගේ ඉල්ලීම මත MrBeast විසින් Jai Shri Ram යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ රැස්ව සිටි පිරිසගෙන් දැඩි ප්‍රතිචාරයක් හිමිවූ අතර, එම අවස්ථාවේ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණය වනවා. එහිදී චිත්‍රපටයේ කොටස් කිහිපයක් නැරඹීමට ලැබීම පිළිබඳව සිය සතුට පළකළ MrBeast, මෙම නිර්මාණය අතිශය විශිෂ්ට මට්ටමක පවතින බව සඳහන් කර සිටියා.

YouTube ඔස්සේ මිලියන 500 කට අධික ග්‍රාහකයින් පිරිසක් හිමි MrBeast වැනි ජාත්‍යන්තර ඩිජිටල් තරුවක් මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා එක්කර ගැනීම, සාම්ප්‍රදායික Bollywood සීමාවන්ගෙන් ඔබ්බට ගොස් මෙම නිර්මාණය ලොව පුරා ප්‍රචලිත කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙසයි සැලකෙන්නේ. කොටස් දෙකකින් යුත් දැවැන්ත නිර්මාණයක් ලෙස එළිදැක්වෙන Ramayana පළමු චිත්‍රපටය එළඹෙන නොවැම්බර් 6 වනදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.