Navi Pillay awarded 2026 Nobel Peace Prize

Navi Pillay awarded 2026 Nobel Peace Prize

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී දෙමළ සිවිල් ජනතාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අමානුෂික ක්‍රියා සිදු කළ බවට චෝදනා කල, දකුණු අප්‍රිකානු දෙමළ සම්භවයක් සහිත Navi Pillay ට නොබෙල් සාම ත්‍යාගය හිමිවී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියක වන ඇය, අද නෝර්වේ හි Oslo නුවරදී මෙම සම්මානයේ ජයග්‍රාහිකාව ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

දකුණු අප්‍රිකාවේ ඇයගේ නීතිමය වෘත්තීය ජීවිතය, ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ දෙමළ සිවිල් ජනතාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා පෙනී සිටීම්, රුවන්ඩාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ මියන්මාරයට එරෙහි ජාත්‍යන්තර අපරාධ අධිකරණ නඩුව ආදී කරුණු පෙන්වා දෙමින් නෝර්වීජියානු නොබෙල් කමිටුවේ සභාපති Jørgen Watne Frydnes මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර නීතිය සංවර්ධනය කිරීමේ පෙරමුණේ ඇය සිය ජීවිත කාලයම කැප කර ඇති බවයි.

නොබෙල් සාම ත්‍යාගය හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, තමන්ට හිමිවූ මෙම ගෞරවනීය ත්‍යාගය ජාත්‍යන්තර අපරාධවලින් දිවි ගලවාගත් සියලු දෙනා සහ ජාත්‍යන්තර යුක්තිය සුරැකීමට වෙහෙසෙන පිරිස් වෙනුවෙන් කැප කරන බවයි. ජාත්‍යන්තර නීතිය දුර්වල කිරීම හරහා නැවතත් බලය මත සියල්ල තීරණය වන ලෝකයක් බිහිවීමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් ඇය, මානව අභිමානය මෙන්ම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට තමන් සැමවිටම කැපවී සිටි බව ද වැඩිදුරටත් කියා සිටියා.