
New Ben 10 animated pilot in development at Warner Bros. Animation
නවතම Ben 10 සජීවීකරණ කතාමාලාවක් නිර්මාණය කරමින් පවතින බවට තොරතුරු අනාවරණය වෙයි.
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් Ben 10 සජීවිකරණ කතාමාලාවේ නවතම නිර්මාණයක් Warner Bros. Animation ආයතනය හරහා නැවත ආරම්භ කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා. මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති ඇමරිකානු SAG-AFTRA වෘත්තීය සමිති ලේඛන හරහායි, ඒ අනුව විකාශනය නොවන නියමු කථාංගයක් (non-airing pilot) ලෙස මෙහි මූලික නිෂ්පාදන කටයුතු මේ වන විට ඉදිරියට ගමන් කරමින් පවතින බව සඳහන්.
Warner Bros. Animation සහ Cartoon Network Studios හි ප්‍රධානී Sam Register විසින් ද පසුගිය ජූලි මාසයේදී Ben 10 හි නව නිර්මාණ කිහිපයක් සංවර්ධනය වෙමින් පවතින බවට තහවුරු කර තිබුණා. 2023 වසරේදී ගිවිසුම්ගත වූ මෙම නව නියමු ව්‍යාපෘතිය සම්පූර්ණ කතාමාලාවක් දක්වා දිගු වේද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති වුව ද, Ben Tennyson සහ Omnitrix නැවත තිරයට ගෙන ඒමට ඔවුන් සූදානම් වන බව මෙයින් පැහැදිලි වනවා.
2005 වසරේදී Man of Action විසින් Cartoon Network ඔස්සේ ආරම්භ කළ Ben 10 කතාමාලාව Alien Force, Ultimate Alien, Omniverse මෙන්ම 2016 වසරේ reboot කතාමාලාව ඔස්සේ ඩොලර් බිලියන 6 කට අධික වෙළඳ ආදායමක් උපයාගත් ලොව සාර්ථකම franchise එකක් ලෙසයි සැලකෙන්නේ. මෙම නවතම නිර්මාණයේ කතා තේමාව හෝ නිකුත් වන දිනයන් පිළිබඳව මෙතෙක් වැඩිදුර තොරතුරු හෙළි කර නැහැ.
Discussion
No comments yet — start the conversation.