Nishan Velupillay becomes the first player of Sri Lankan descent to play in a FIFA World Cup

Nishan Velupillay becomes the first player of Sri Lankan descent to play in a FIFA World Cup

පාපන්දු ලෝක කුසලාන (FIFA World Cup) තරගාවලියක ක්‍රීඩා කල පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයා ලෙස නිෂාන් වේලුපිල්ලේ ඉතිහාසගත වෙයි. ඒ පසු ගිය ජූනි 14 වෙනිදා තුර්කි කණ්ඩායම එරෙහිව ඕස්ට්‍රේලියා කණ්ඩායම පැවැත්වුණු තරගයේදී ඕස්ට්‍රේලියා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලාන තරගබිමට පිවිසි නිෂාන් වේලුපිල්ලේ මෙම සුවිශේෂී ඓතිහාසික වාර්තාවට හිමිකම් කියනු ලබනවා.

ඔහුගේ පියා ශ්‍රී ලාංකික ද්‍රවිඩ සම්භවයක් සහිත මැලේසියානු ජාතිකයෙකු වන අතර මව ඇන්ග්ලෝ-ඉන්දියානු ජාතිකයෙකු වනවා. ඒ අනුව ඔහු පාපන්දු ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩා කරන පළමු ඉන්දියානු ජාතිකයා, පළමු දෙමළ ජාතිකයා සහ පළමු මැලේසියානු ජාතිකයා ලෙස වාර්තා අතරට එක් වෙනවා.

ජාත්‍යන්තර පාපන්දු පිටිය තුළ සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ඔහු පැමිණි මෙම ගමන මේ වන විට ලොව පුරා ක්‍රීඩා මාධ්‍ය තුළද දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.