
Oreo releases limited edition BTS hotteok flavored cookies
ලෝක ප්‍රකට බිස්කට් සන්නාමයක් වන Oreo විසින් අතිශය ජනප්‍රිය දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS සමඟ එක්ව BTS Army ලෙස හඳුන්වන රසික ප්‍රජාව වෙනුවෙන්ම කැප කළ නවතම සීමිත සංස්කරණයේ (limited edition) බිස්කට් වර්ගයක් මේ වන විට වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. කොරියාවේ ජනප්‍රිය වීදි ආහාරයක් වන Hotteok රසයෙන් යුතුව මෙම බිස්කට් නිපදවා තිබීම විශේෂත්වයක්.
මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ මෙම දම් පැහැති බිස්කට් මතුපිට රසිකයින් වෙනුවෙන්ම සුවිශේෂී වැකි සහ හැඩතල රැසක් අලංකාර ලෙස නිර්මාණය කර තිබීමයි. ඒ අනුව බිස්කට් මත The biggest love BTS Army වැනි ආදරණීය වැකි මෙන්ම Rm, Jin, Suga, J-Hope, Jimin, V සහ Jungkook යන සියලුම සාමාජිකයින්ගේ නම්ද ඇතුළත් කර තිබෙනවා. මීට අමතරව BTS කණ්ඩායමේ නිල ලාංඡනය, ඔවුන්ගේ සුප්‍රසිද්ධ Army Bomb ආලෝක දණ්ඩ සහ ඇඟිලි හෘදයාංගම සලකුණද මෙම බිස්කට් මත සටහන් කර තිබීම හේතුවෙන් මේ වන විට ලෝක පුරා රසිකයින් අතර මීට ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.