Police remove Thileepan statue erected in Nallur, Jaffna

Police remove Thileepan statue erected in Nallur, Jaffna

දින 7ක් පුරා පැවති සැමරුම අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසිය විසින් L.T.T.E සමාජික තිලීපන්ගේ පිළිරුව ඉතාමත් ප්‍රවේශමෙන් ඉවත් කරයි.

යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර තිබූ L.T.T.E ත්‍රස්ත සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන තිලීපන් හෙවත් රාසයියා පාර්තිපන්ගේ පිළිරුවක් අද උදෑසන පොලිසිය විසින් ගලවා ඉවත් කර තිබෙනවා. පූර්ව දැනුම්දීමකින් තොරව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ පිළිරුව සහ ස්මාරකය මුළුමනින්ම ගලවා පොලිස් රථයක පටවාගෙන රැගෙන ගොස් ඇති බවයි ප්‍රාදේශීය වාර්තා සඳහන් කරන්නේ.

නල්ලූර් ප්‍රදේශයේ පිහිටි මෙම ස්මාරකය අසල පසුගිය දින කිහිපය පුරා තිලීපන් සැමරුම් වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර, දින 7ක් පුරා පැවති එම සැමරුම් කටයුතු ඊයේ දිනයෙන් අවසන් වීමෙන් අනතුරුව පොලිසිය විසින් මෙම පියවර ගෙන තිබෙනවා. නල්ලූර් ප්‍රාදේශීය සභාවට අයත් භූමියක කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව මෑතකදී මෙම ප්‍රතිමාව ඉදිකර තිබීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක් වන L.T.T.E සංවිධානයේ සාමාජිකයෙකු සැමරීම හා ඊට අදාළ ස්මාරක ඉදිකිරීම නීතිවිරෝධී වීම මෙම ඉවත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

L.T.T.E සංවිධානයේ යාපනය දේශපාලන අංශයේ නායකයා ලෙස කටයුතු කළ තිලීපන්, 1987 වසරේදී ඉන්දීය සාම සාධක හමුදාවට සහ ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් නල්ලූර් කෝවිල අසල උපවාසයක නිරත වී සිටියදී මිය ගියා. ඔහුගේ මරණය සිදු වූ සැප්තැම්බර් මාසයේදී වාර්ෂිකව උතුරු පළාත තුළ මෙවැනි සැමරුම් සංවිධානය කෙරෙන අතර, මෙවර ඊට එරෙහිව මෙලෙස සෘජු නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙවැනි උත්සවයන් අවසානයේ අස්පස් කර දීමේ කටයුතු සිදු කරන්නේ උතුරේ පමණක් වන අතර අනෙකුත් පළාත් වලින් අස් පස් කිරීමේ කටයුතු සඳහා ඔවුන්ට කරදර කිරීමෙන් වළකින්න.