Popular Kollywood comedy actor Yogi Babu arrives in Sri Lanka

Popular Kollywood comedy actor Yogi Babu arrives in Sri Lanka


දමිළ චිත්‍රපට කර්මාන්තය තුළ අතිශය ජනප්‍රිය මෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ ප්‍රහසන රංගන ශිල්පී Yogi Babu මේ වන විට Sri Lanka වට පැමිණ තිබෙනවා.

ඔහුගේ මෙම පැමිණීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ඔහු රංගනයෙන් දායක වන නවතම දමිළ චිත්‍රපටයක රූගත කිරීම් කටයුතු කිහිපයක් මෙරට තුළ සිදු කිරීමට නියමිතව තිබීමයි. අදාළ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ලංකාවේ ඇති සුන්දර ස්ථාන රැසක් යොදාගැනීමට නිෂ්පාදන කණ්ඩායම සැලසුම් කර ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ.

Kollywood තුළ අතිශය කාර්යබහුල මෙන්ම ජනප්‍රියම තරුවක් වන ඔහුව මෙලෙස සජීවීව දැකබලා ගැනීමට අවස්ථාව හිමිවීම පිළිබඳව මේ වන විටත් මෙරට සිටින ඔහුගේ ආදරණීය රසිකයන් දැඩි උද්යෝගයකින් පසුවනවා.