President Anura Kumara Dissanayake names The Godfather as his favorite movie

President Anura Kumara Dissanayake names The Godfather as his favorite movie

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රියතම චිත්‍රපටය වන්නේ සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන The Godfather බවට ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව අනාවරණය කළේ හරි TV සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි.

Francis Ford Coppola ගේ අධ්‍යක්ෂණයෙන් 1972 වසරේදී තිරගත වූ මෙම සම්භාව්‍ය ඇමරිකානු Gangster චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා වැයවී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 6-7ක පමණ මුදලක් වුවත්, එය ඇ.ඩො. මිලියන 250ත් 291ත් අතර දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ගනිමින් 1972 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය මෙන්ම එකල සිනමා ඉතිහාසයේ ඉහළම ආදායමක් ඉපැයූ සිනමාපටය බවට ද පත්වුණා.

45 වන ඇකඩමි (Oscar) සම්මාන උළෙලේදී “හොඳම චිත්‍රපටය” ඇතුළු සම්මාන රැසක් දිනාගත් The Godfather හි ප්‍රධාන චරිතය නිරූපණය කළ Marlon Brando හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත් අතර, පසුව මෙහි දෙවන (1974) සහ තෙවන (1990) කොටස් ද ලොව පුරා තිරගත කෙරුණා.