Ranveer Singh’s next movie is a zombie movie titled ‘Pralay’

Ranveer Singh’s next movie is a zombie movie titled ‘Pralay’

Ranveer Singh ගේ මීළඟ චිත්‍රපටය Zombie චිත්‍රපටයක් වන අතර Pralay නමින් නම් කරයි, ප්‍රධාන නිළිය ලෙස ජනප්‍රිය මලයාලම් නිළි Kalyani Priyadarshan සම්බන්ධ වෙයි.

ජනප්‍රිය බොලිවුඩ් නළු Ranveer Singh ගේ මීළඟ චිත්‍රපටය Zombie චිත්‍රපටයක් වන බවත් Pralay නමින් නම් කර ඇති බවටත් වාර්තා වෙනවා, Dhurandhar චිත්‍රපට මාලාවේ අතිවිශාල වාණිජමය සාර්ථකත්වයෙන් අනතුරුව ඔහු ප්‍රධාන චරිතයෙන් එක්වන මෙම චිත්‍රපටය post-apocalyptic zombie survival thriller ශාරණයට අයත් වෙනවා. එහි රූගත කිරීම් පසුගිය අගෝස්තු මැද භාගයේදී මුම්බායි නුවරදී ආරම්භ කර තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 300 ක දැවැන්ත පිරිවැයකින් නිර්මාණය වන මෙය Ranveer Singh ගේ සිනමා දිවියේ මෙතෙක් නිර්මාණය වන මිල අධිකම චිත්‍රපට අතරින් එකක් වනු ඇති.

සොම්බි වසංගතයකට මැදි වූ මුම්බායි නගරයක ජීවිතය බේරාගැනීමට සටන් කරන විවාහක යුවළකගේ කතාවක් වටා ගෙතෙන මෙහි ප්‍රධාන නිළිය ලෙස ජනප්‍රිය මලයාලම් නිළි Kalyani Priyadarshan රංගනයෙන් එක්වන අතර, ඇය බොලිවුඩ් සිනමාවට පිවිසෙන ප්‍රථම චිත්‍රපටය වන්නේ ද මෙයයි.

Scam 1992 කතා මාලාව සම-අධ්‍යක්ෂණය කරමින් ප්‍රසිද්ධියට පත් Jai Mehta ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන මෙම චිත්‍රපටයේ සැලකිය යුතු කොටසක් ඕස්ට්‍රේලියාවේ රූගත කිරීමට නියමිතයි. Birla Studios, True Story Films මෙන්ම Ranveer Singh ගේ Maa Kasam Films එක්ව නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය 2027 වසරේදී සිනමාහල් වෙත නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.