RJ Mitte faced fiancée’s ultimatum over mother before death, sources claim

RJ Mitte faced fiancée’s ultimatum over mother before death, sources claim

පසුගිය ඔක්තෝබර් 12 වැනිදා සියදිවි හානිකරගත් ජනප්‍රිය Breaking Bad රූපවාහිනී කතාමාලාවේ Walter White Jr. චරිතය නිරූපණය කළ රංගන ශිල්පී RJ Mitte හට, ඔහුගේ මරණයට පෙර පෙම්වතිය විසින් දැඩි කොන්දේසියක් පනවා තිබූ බවට පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් TMZ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

වසර දහයක පමණ මිතුදමකින් පසු 2020 වසරේදී පෙම්වතුන් බවට පත් වූ RJ Mitte සහ Kennedy Suarez, ඔහු මියයෑමට වසරකට පමණ පෙර එනම් 2025 ඔක්තෝබර් 10 වැනිදා විවාහ ගිවිසගෙන තිබුණා. කෙසේ වෙතත්, RJ Mitte ගේ මව වන Dyna ඔවුන්ගේ සබඳතාවයට අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට Kennedy Suarez චෝදනා කර ඇති අතර, ඇය සහ මව අතර පැවති නොහොඳ නෝක්කාඩු හේතුවෙන් මව හෝ තමන් යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරාගෙන තමන්ට මුල් තැන ලබා දෙන ලෙස ඇය විසින් RJ Mitte හට බල කර ඇති බවයි පැවසෙන්නේ.

තම මව වන Dyna සහ සහෝදරිය වන Lacianne සමඟ ඉතා සමීප බැඳීමක් පවත්වාගෙන ගිය RJ Mitte, මව සමඟ ඇති සබඳතාවය අත්හැරීමට අකමැති වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර දැඩි මතභේද හටගෙන තිබෙනවා. මියයෑමට පෙර සති කිහිපය තුළ මෙම සබඳතාවයේ ගැටලු හේතුවෙන් ඔහු දැඩි මානසික පීඩනයකින් සහ කනස්සල්ලකින් පසුවූ බවද අදාළ වාර්තාවේ සඳහන් වනවා.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු ද වූ 34 හැවිරිදි RJ Mitte පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ Brownsville හිදී සියදිවි හානිකරගත් අතර, මියයෑමට සතියකට පමණ පෙර ද ඔවුන් දෙදෙනා එක්ව සිට ඇති නමුත් අවසන් දින කිහිපයේදී ඔවුන් වෙන්ව සිටියේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

(ඔබ හෝ ඔබ දන්නා අයෙකු මානසික පීඩනයකින් හෝ සියදිවි හානිකර ගැනීමේ සිතුවිලිවලින් පෙළෙන්නේ නම්, කරුණාකර පහත සඳහන් උපකාරක සේවාවන් අමතන්න:
ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව: 1926 | CCCline: 1333 | ශ්‍රී ලංකා සුමිත්‍රයෝ: 011 2 696 666)