Rumor circulates of unfinished Avengers: Doomsday test screening leak in 4K

Rumor circulates of unfinished Avengers: Doomsday test screening leak in 4K

Avengers: Doomsday චිත්‍රපටයේ අසම්පූර්ණ 4K පිටපතක් අන්තර්ජාලයට අනවසරයෙන් නිකුත් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල කටකතාවක් පැතිර යමින් පවතිනවා. මෑතකදී පැවති විශේෂ පරීක්ෂණ දර්ශනයකින් (test screening) මෙම පිටපත ලබාගෙන ඇති බවට වාර්තා වන අතර, එහි හඬ පට (audio) නොමැති බවත් දෘශ්‍ය ප්‍රයෝග (visual effects) අසම්පූර්ණ මට්ටමක පවතින බවත් සඳහන්.

පැය 2 යි මිනිත්තු 45 ක පමණ ධාවන කාලයකින් යුත් සම්පූර්ණ චිත්‍රපටයම මෙන්ම අලුතින් රූගත කරන ලද post credits දර්ශනයක් ද මෙලෙස Telegram සහ peer-to-peer ජාලයන් හරහා හුවමාරු වන බවට අන්තර්ජාලය තුළ තොරතුරු පළ වනවා. මීට පෙර පසුගිය ජූනි සහ අගෝස්තු මාසවලදී ද Doctor Doom ලෙස පෙනී සිටින Robert Downey Jr. මෙන්ම Steve Rogers, Thor, Cyclops, Nightcrawler, Beast සහ Gambit වැනි X-Men චරිත ඇතුළත් කෙටි වීඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලයට කාන්දු වී තිබූ අතර, ප්‍රකාශන හිමිකම් හේතු මත Disney සමාගම විසින් ඒවා වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් කිසිදු ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් හෝ තහවුරු කළ මූලාශ්‍රයක් මඟින් මෙවැනි සම්පූර්ණ 4K පිටපතක් කාන්දු වී ඇති බවට මෙතෙක් සනාථ කර නොමැති අතර, මෙය හුදෙක් ප්‍රචාරණය උදෙසා නිර්මාණය කරන ලද අසත්‍ය තොරතුරක් විය හැකි බවට ද සැක පළ වනවා. Russo ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය 2026 වසරේ දෙසැම්බර් 18 වනදා තිරගත වීමට නියමිතව ඇති අතර, මෙම අලුත්ම කටකතා සම්බන්ධයෙන් Marvel Studios ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. කෙසේ නමුත් spoil වීම වළක්වා ගැනීම සඳහා 𝕏 සහ Telegram වැනි සමාජ මාධ්‍ය වේදිකා පරිශීලනය කිරීමේදී ඉතාමත් පරිස්සම් වන ලෙසයි අප විසින් ඔබට අනතුරු අඟවන්නේ.