Rumors of popular Sri Lankan singer CHINTHY’s death are completely false

Rumors of popular Sri Lankan singer CHINTHY’s death are completely false

ප්‍රවීණ ගායන ශිල්පී චින්ති මියගොස් ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයි.

ඇතැම් සමාජ මාධ්‍ය පිටු සහ පුද්ගලයින් විසින් හිතාමතාම නොමඟ යවන සුළු ආකාරයෙන් මෙම අසත්‍ය තොරතුරු හුවමාරු කරමින් සිටින අතර, ඔහු ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තහවුරු වී තිබෙනවා. එබැවින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මෙවැනි තහවුරු නොකළ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස චින්ති විසින් රසිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම කටකතාව පැතිර යාමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ වසන්ත දුග්ගන්නාරාල (Wasantha Duggannarala) විසින් Facebook ඔස්සේ “Chinthy... ඔබට සුබ ගමන්.. -දුකා අය්යා-” යනුවෙන් තබා තිබූ සටහනක්. එම සටහන වැරදි ලෙස වටහා ගනිමින් ඇතැම් සමාජ මාධ්‍ය පිටු සහ පුද්ගලයින් මෙලෙස අසත්‍ය තොරතුරු හුවමාරු කරමින් සිටිනවා.