
Sam Raimi’s Spider-Man released 24 years ago today.
සුපිරි වීර චිත්රපට ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් සිදු කළ, Sam Raimi විසින් අධ්යක්ෂණය කරන ලද Spider-Man චිත්රපට මාලාවේ පළමු චිත්රපටය තිරගත වී අදට වසර 24ක් සපිරෙයි.
Tobey Maguire ප්රධාන චරිතයට පණ පෙවූ 2002 වසරේ නිකුත් වූ මෙම චිත්රපටය ඇ.ඩො මිලියන 139ක පිරිවැයකින් නිර්මාණය කරමින් ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො මිලියන 825ක ආදායමක් ලබා ගැනීමට සමත් වූ අතර, එය ඒ වන විට ලොව වැඩිම ආදායමක් ලද චිත්රපට ලැයිස්තුවේ 6 වන ස්ථානයට පත් විය. එමෙන්ම එය එතෙක් ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපයූ සුපිරි වීර චිත්රපටය බවට ද පත් විය.
මෙම චිත්රපටය හොඳම ශබ්ද පරිපාලනය (Best Sound) සහ හොඳම දෘශ්ය ප්රයෝග (Best Visual Effects) සඳහා ඔස්කාර් සම්මාන දෙකකට සහ විවිධ සම්මාන උළෙලවල් සඳහා නිර්දේශ වූ අතර, එයින් MTV Movie Awards උළලේ හොඳම කාන්තා රංගනයට සහ හොඳම සිපගැනීමේ දර්ශනයට (Best Female Performance, Best Kiss) සම්මාන දිනා ගැනීමට සමත් විය වර්තමානයේ පවතින සුපිරි වීර චිත්රපට රැල්ලට ප්රබල පදනමක් දැමූ නිර්මාණයක් ලෙස මෙය සිනමා ඉතිහාසයට එක්ව තිබේ.
Discussion
No comments yet — start the conversation.