
Sebastian Stan and Scarlett Johansson officially join ‘The Batman: Part II’
Marvel සිනමා විශ්වයේ Winter Soldier සහ Black Widow සඳහා රංගනයෙන් දායක වූ දැවැන්ත තරු දෙකක් වන Sebastian Stan සහ Scarlett Johansson නිල වශයෙන් The Batman: Part II චිත්රපටයට එක්වන බව අධ්යක්ෂ Matt Reeves තහවුරු කර තිබෙනවා. ඔහු විසින් සිය 𝕏 ගිණුම හරහා විශේෂ GIF පෝස්ට් කිහිපයක් පළ කරමින් මොවුන් දෙදෙනාව Gotham නගරයට සාදරයෙන් පිළිගෙන තිබෙනවා.
Sebastian Stan විසින් Gotham නගරයේ සුප්රසිද්ධ නීතිවේදී Harvey Dent හෙවත් පසුකාලීනව Two-Face බවට පත්වන දුෂ්ටයාගේ චරිතය නිරූපණය කිරීමට නියමිත අතර Scarlett Johansson ගේ චරිතය පිළිබඳ නිල ප්රකාශයක් මෙතෙක් නිකුත් වී නැතත්, ඇය Harvey Dent ගේ බිරිඳ වන Gilda Dent ලෙස රංගනයෙන් දායක වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
මීට අමතරව Robert Pattinson, Andy Serkis සහ Colin Farrell ඇතුළු පිරිස මෙහි දෙවන කොටස සඳහාත් නැවත එක්වන බව තහවුරු වී තිබුණත්, කැට්වුමන් ලෙස රඟපෑ Zoe Kravitz මෙවර දැකගත නොහැකි වනු ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. මෙම චිත්රපටය 2027 ඔක්තෝබර් 1 වනදා තිරගත වීමට නියමිතයි.
Discussion
No comments yet — start the conversation.