Sri Lanka becomes the second most peaceful nation in South Asia according to the Global Peace Index.

Sri Lanka becomes the second most peaceful nation in South Asia according to the Global Peace Index.

ශ්‍රී ලංකාව 2026 වසරේ ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව දකුණු ආසියානු කලාපයේ සාමකාමී ම රටවල් අතර දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. මෙම දර්ශකයට අනුව කලාපයේ පළමු ස්ථානය භූතානයට හිමිව තිබෙනවා.

පසුගිය 2025 වසරේදී අදාළ ගෝලීය දර්ශකයේ 97 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, මෙම වසරේදී ස්ථාන තිහක් ඉදිරියට පැමිණෙමින් ගෝලීය වශයෙන් 67 වන ස්ථානය දක්වා දැවැන්ත පිම්මක් පැන තිබෙනවා. මෙය දකුණු ආසියානු කලාපය තුළ මෑත කාලීනව රටක් විසින් පෙන්වූ විශාලතම සහ වේගවත්ම වර්ධනය වීම ද විශේෂත්වයක්. ආර්ථික අර්බුදයෙන් පසුව රට තුළ ඇති වූ දේශපාලන ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිළිබඳව වූ විශ්වාසය ඉහළ යාම මෙම වර්ධනය සඳහා ප්‍රබල ලෙස බලපා තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවල් මේ වන විට දැඩි ගැටුම් සහ අස්ථාවරත්වයන්ට මුහුණ දෙමින් සිටින පසුබිමක, මෙලෙස ගෝලීය සාම දර්ශකය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීම ජාත්‍යන්තරය තුළ අපේ රටේ ප්‍රතිරූපය නැවතත් ඉහළ නැංවීමට ඍජුවම දායක වනවා. මෙය ඉදිරියේදී සංචාරක කර්මාන්තය මෙන්ම විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ද විශාල පිටිවහලක් වනු ඇති බව නිසැකයි.