
Sri Lanka Police deletes and reposts statement to hide embarrassing Facebook edit history
උතුරු පළාතේ හිස්වැසුම් නොමැතිව අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ පිරිස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලීසිය සිය නිල Facebook පිටුවේ පළ කළ නිවේදනය සම්පූර්ණයෙන්ම මකා දමා (Delete) එය නැවතත් අලුතින් පළ කිරීමට (Repost) මේ වන විට කටයුතු කර තිබෙනවා.
මීට පෙර අප විසින් අනාවරණය කළ පරිදි, පොලිස් මාධ්ය අංශය සිය මුල් නිවේදනයේ LTTE ත්රස්තවාදීන්ව “රණවිරුවන්” ලෙස සඳහන් කර තිබූ අතර, පසුව මහජන විවේචන හමුවේ එය සංස්කරණය (Edit) කර තිබුණා. නමුත් Facebook හි පවතින Edit History පහසුකම හරහා පොලීසිය සිදුකළ මෙම බරපතළ අත්වැරැද්ද තවදුරටත් ජනතාවට පැහැදිලිව දැකගැනීමට හැකි වූ නිසා, සමාජ මාධ්ය පරිශීලකයන් එම Edit History හි තිරසටහන් (Screenshots) බෙදාගනිමින් පොලීසියට දැඩි ලෙස විරෝධය පළ කරන්නට වුණා.
එම අඛණ්ඩ විවේචන සහ හාස්යයට ලක්වීම් හමුවේ, සිය බරපතළ වචන භාවිතයේ දෝෂය පිළිබඳව ජනතාවට පැහැදිලි කිරීමක් කරනවා වෙනුවට, අදාළ මුල් සටහන සම්පූර්ණයෙන්ම මකා දමා Edit History එක ද මැකී යන පරිදි නව සටහනක් පළ කරමින් සිය වරද වසන් කිරීමට පොලිස් මාධ්ය අංශය මෙලෙස පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, පොලීසිය මෙලෙස තමන්ගේ අත්වැරැද්ද වසන් කිරීමට සටහන මකා දමනු ඇති බවට අප කලින්ම අපේක්ෂා කළ නිසා අදාළ පෝස්ට් එකේ Edit History එක පැහැදිලිව සටහන් වන පරිදි තිර පටිගත කිරීමක් (Screen record) මෙන්ම අදාළ සාක්ෂි තහවුරු වන තිරසටහන් (Screenshots) ද අප විසින් කල්තියාම සුරක්ෂිත කරගනු ලැබුවා. (comments බලන්න) අප එලෙස කල්තියාම සූදානම් වීමට ප්රධානතම හේතුව වූයේ ද පොලිස් මාධ්ය අංශයේ මෙවැනිම වංචනික ඩිජිටල් හැසිරීමක් මීට පෙර අප විසින්ම අත්දැක තිබීමයි. මෑතකදී අපගේ ඇඩ්මින්වරයෙකුගේ ගිණුමක් පොලිස් නිල Facebook පිටුවෙන් අවහිර (Block) කර තිබූ අතර, පසුව ඔහු ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යාමෙන් අනතුරුව ඒ පිළිබඳව විමසූ විට ඔවුන් ප්රකාශ කළේ Facebook විසින් එය ස්වයංක්රීයවම (Automatically) අවහිර කර ඇති බවයි. තාක්ෂණිකව Facebook වේදිකාව තුළ එවැන්නක් ස්වයංක්රීයව සිදුවීම සඳහා කිසිදු පහසුකමක් නොමැති බව අප හොඳින්ම දන්නා නිසා, පොලීසියේ මෙම හැසිරීම් සහ බොරු කිරීම් පිළිබඳව අප සිටියේ දැඩි අවධානයකිනි.
දකුණේ රථවාහන වරදක් කළ ද "Busted" ලෙස මීම්ස් (Memes) සාදමින් ඩිජිටල් අවකාශයේ වීරයන් වන පොලීසිය, උතුරේ ත්රස්තවාදි සැමරුමක් "රණවිරු සැමරුමක්" ලෙස හඳුන්වා, පසුව එය සංස්කරණය කර, අවසානයේ විවේචන දරාගත නොහැකිව එම සටහනම මකා දමා අලුතින් පෝස්ට් දැමීම හරහා ඔවුන්ගේ වගවීම මෙන්ම ඔවුන් අනුගමනය කරන ද්විත්ව ප්රතිපත්තිය (Double standards) මේ වන විට මුළු රටම ඉදිරියේ මනාව ප්රදර්ශනය වී තිබෙනවා.

Discussion
No comments yet — start the conversation.