Sri Lanka Police have arrested three individuals over an unauthorized motorcycle parade in the North following heavy backlash on social media

Sri Lanka Police have arrested three individuals over an unauthorized motorcycle parade in the North following heavy backlash on social media

සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ දැඩි මහජන විරෝධය හමුවේ, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව උතුරු පළාතේ LTTE ත්‍රස්තවාදී සැමරුමක ආරක්ෂක හිස් වැසුම් නොමැතිඑඅ අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ සිදුවීමට අදාළව පුද්ගලයන් තිදෙනෙකු මුලතීවු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම මුල් කරගනිමින් පසුගිය දින කිහිපය පුරාම ශ්‍රී ලංකා පොලීසිය වෙත මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ, ජනතාව පොලිස් නිල Facebook පිටුවේ සටහන්වලට අදාළ යතුරුපැදිවල ඡායාරූප කමෙන්ට් කිරීම නිසා එහි ඡායාරූප කමෙන්ට් කිරීමේ පහසුකම (Photo comments) අක්‍රිය කිරීමට පොලීසිය පියවර ගත්තා. එමෙන්ම Facebook පිටුවේ මෙන් TikTok වේදිකාව තුළ කමෙන්ට් පාලනය කිරීමට ඇති තාක්ෂණික සීමාවන් නිසා, අඛණ්ඩව එල්ල වූ මහජන අප්‍රසාදය හමුවේ ඔවුන්ගේ නිල TikTok ගිණුම ද (sri_lanka_police) සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දැමීමට පොලීසිය කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිල වශයෙන් කරුණු දක්වමින් පොලීසිය ප්‍රකාශ කර සිටින්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ සහ සීසීටීවී (CCTV) දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලින් පසුව මෙම සැකකරුවන් හඳුනාගත් බවයි. එහිදී යතුරුපැදිවල ලියාපදිංචි අංක පැහැදිලිව හඳුනාගැනීමට පැවති අපහසුතාවය හේතුවෙන් විමර්ශන කටයුතු සඳහා මෙලෙස යම් කාලයක් ගතවූ බව ඔවුන් වැඩිදුරටත් සඳන් කරනවා.

නමුත් රටේ අනෙකුත් ප්‍රදේශ වල මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවලට අදාළ වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ වූ විට වාහන අංක තහඩු (Number plates) නොමැති අයවලුන් පවා පැය 24ත් 48ත් අතර කාලයක් ඇතුළත සැකකරුවන් කොටුකර ගැනීමට පොලීසිය සමත් වුවද, මෙම සිදුවීමේදී සියලුම සාක්ෂි සහ අංක තහඩු ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දින 5ක පමණ දීර්ඝ කාලයක් ගත වීම පොලිසියේ උතුරට ඇති බය පිළිඹිබු වෙනවා. ඒ වගේම බොහෝ පිරිසක් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව සිටියද අත්අඩංගුවට පත්ව ඇත්තේ තිදෙනෙක් පමණි.

එමෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල මෙවැනි වැරදි කරන පුද්ගලයන්ව අත්අඩංගුවට ගත් සැනින් ශ්‍රී ලංකා පොලීසිය සිය නිල Facebook පිටුව හරහා "Busted" යනුවෙන් සඳහන් කරමින් මීම්ස් (Memes) ආකාරයෙන් ඒවා ප්‍රසිද්ධ කිරීමට මහත් උනන්දුවක් දක්වයි. නමුත් උතුරු පළාතේ සිදුවූ මෙම සිදුවීමට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව Memes නොමැතිව සාමාන්‍ය පෝස්ට් එකක් පමණක් පළ කිරීමට පොලීසිය කටයුතු කර කර තිබෙනවා, නීතිය රකින ආයතනයේ පවතින මෙම ද්විත්ව ප්‍රතිපත්තිය (Double standards) පිළිබඳව ද ජනතාව මේ වන විට දැඩි ලෙස ප්‍රශ්න කර සිටී.

මේ ගැන ඔයාගේ අදහස මොකක්ද ඇයි පොලිසිය මෙහෙම එක පළාතකට විතරක් විශේෂ සැලකිල්ලක් බයක්?