Sri Lanka Police referred to LTTE terrorists as ‘රණවිරුවෝ’

Sri Lanka Police referred to LTTE terrorists as ‘රණවිරුවෝ’

උතුරු පළාතේ හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා පොලීසිය සිය නිල Facebook පිටුවේ පළ කළ නිවේදනයේ LTTE ත්‍රස්තවාදීවන්ව “රණවිරුවන්” ලෙස හඳුන්වයි.

මෙම යතුරුපැදි සංදර්ශනය මැයි 18 වනදාට යෙදී තිබුණු LTTE ත්‍රස්තවාදී සැමරුම් ඉලක්ක කරගනිමින් සංවිධානය වූවක් බව මුළු රටම දන්නා කරුණක්. නමුත් ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය අංශය සිය නිල නිවේදනය පළ කරමින් එහි සඳහන් කර තිබුණේ, මෙම යතුරුපැදි ධාවනය "රණවිරු සැමරුම් උත්සවයන්ට" සමගාමීව සිදු වූවක් බවයි. (පළමු comment එක බලන්න) රටේ ජාතික ආරක්ෂාව සහ නීතිය සුරකින ප්‍රධානතම ආයතනය විසින්ම LTTE ත්‍රස්තවාදී සැමරුමක් නිල වශයෙන් "රණවිරු සැමරුමක්" ලෙස හැඳින්වීම සුළු වැරදීමක්ද?

ජනතාව මෙම බරපතළ වරද පෙන්වා දෙමින් පොලීසියට comment කිරීමට පටන් ගත් වහාම, කලබලයට පත් වූ පොලිස් මාධ්‍ය අංශය කඩිමුඩියේම අදාළ සටහන සංස්කරණය කර (Edit) එම "රණවිරු සැමරුම්" යන වචනය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, Facebook හි පවතින Edit History (සංස්කරණ ඉතිහාසය) පරීක්ෂා කිරීමේදී පොලීසිය විසින් මුලින් යොදා තිබූ අදාළ මතභේදාත්මක වාක්‍යය ඕනෑම අයෙකුට තවමත් ඉතා පැහැදිලිව දැකගැනීමට හැකියාව පවතිනවා.

රටේ අනෙකුත් ප්‍රදේශ වල සුළු වරදක් කළත් ඔවුන්ව ලුහුබැඳ ගොස් සමාජ මාධ්‍ය හරහා Busted ලෙස නම් කරමින් memes නිර්මාණය කරන පොලීසිය, උතුරේ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පිරිස්වලට අදාළ සිදුවීම් විස්තර කරන්නට "රණවිරුවන්" යන වචනය පාවිච්චි කිරීම හුදෙක් මාධ්‍ය අංශයේ අත්වැරැද්දක් ද, එසේත් නොමැතිනම් සිදුවීමේ බරපතළකම වසන් කිරීමට දැරූ උත්සාහයක් ද යන්න ජනතාව මේ වන විට තර්කානුකූලව ප්‍රශ්න කර සිටිනවා.