
Sri Lanka ranks 1st in Asia and 3rd globally in traffic congestion
ශ්‍රී ලංකාව ලොව වැඩිම මාර්ග තදබදයක් සහිත රටවල් අතර තෙවැනි ස්ථානයට සහ ආසියානු කලාපයේ ප්‍රථම ස්ථානයට පත් වීමට සමත් වෙයි. Numbeo ආයතනය විසින් නිකුත් කර ඇති නවතම 2026 Mid-Year Traffic Index වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ Time Index අගය විනාඩි 53.8ක් ලෙසත්, Inefficiency Index අගය 254.5ක් ලෙසත් සටහන්ව තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ එක් ගමනක් සඳහා වැයවන සාමාන්‍ය කාලය මෙන්ම සිදුවන ඉන්ධන නාස්තියද අතිශය ඉහළ මට්ටමක පවතින බවයි. ආසියානු කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට 246.2ක දර්ශක අගයක් ලබාගත් බංග්ලාදේශය ගෝලීය වශයෙන් සිව්වැනි ස්ථානයටත්, 205.1ක අගයක් ලබාගත් ඉන්දියාව ගෝලීය වශයෙන් නවවැනි ස්ථානයටත් පත්ව ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම තදබදය සහිත රට ලෙස පැහැදිලිවම ඉදිරියෙන් සිටිනවා.
The Global Top 51.
(1) Nigeria: 320.32.
(2) Costa Rica: 301.03.
(3) Sri Lanka: 254.54.
(4) Bangladesh: 246.25.
(5) Kenya: 238.0
The Asian Top 51.
(1) Sri Lanka: 254.52.
(2) Bangladesh: 246.23.
(3) Iran: 215.34.
(4) India: 205.15.
(5) Indonesia: 191.1
මෙලෙස දැඩි වාහන තදබදයක් නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් කොළඹ නගරය ආශ්‍රිත මාර්ග පද්ධතියේ පවතින පීඩනය, පොදු ප්‍රවාහන පද්ධතියේ ප්‍රමාණවත් නොවීම සහ වාහන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම හේතු වී ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම කොළඹ නගරය දකුණු ආසියාවේ වැඩිම තදබදයක් පවතින නගර අතරින් එකක් ලෙස මීට පෙර වාර්තාවලද නම් කර තිබීම කැපී පෙනෙන කරුණක්.
Discussion
No comments yet — start the conversation.