
Sri Lanka ranks third globally for most public holidays
ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම රජයේ නිවාඩු දින සංඛ්‍යාවක් හිමි රටවල් අතරින් 3 වන ස්ථානයට.
ලෝකයේ වැඩිම රජයේ නිවාඩු දින සංඛ්‍යාවක් හිමි රටවල් අතරින් 3 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. Pew Research Center විසින් නිකුත් කරන ලද නවතම ජාත්‍යන්තර සමීක්ෂණ දත්ත වාර්තාවකට අනුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 190 ක් ආවරණය කරමින් සිදු කළ මෙම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ගෝලීය වශයෙන් රජයේ නිවාඩු දිනවල සාමාන්‍ය මධ්‍යන්‍යය දින 13 ක් වන බවයි. කෙසේ වෙතත් 2026 වසර වෙනුවෙන් ශ්‍රී ලංකාව රජයේ නිවාඩු දින 25 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව ගෝලීය මට්ටම මෙන් දෙගුණයකට ආසන්න අගයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.
මෙම ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇත්තේ රජයේ නිවාඩු දින 30 ක් සහිත මියන්මාරය වන අතර, නිවාඩු දින 29 ක් හිමිකර ගනිමින් බංග්ලාදේශය දෙවන ස්ථානයේ පසුවනවා. මෙරට තුළ සෑම පුර පසළොස්වක පෝය දිනයක්ම රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම මෙන්ම විවිධ ආගමික සහ ජාතික උත්සව වෙනුවෙන් නිවාඩු ලබාදීම ශ්‍රී ලංකාව මෙලෙස 3 වන ස්ථානයට පත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.