
Sri Lankan luxury wellness brand FRELLA wins 2025 Best Beauty Product at World Luxury Spa Awards
ලෝකයේ සුඛෝපභෝගී සුවතා සහ ස්පා කර්මාන්තය තුළ ලබා දෙන ඉහළම ජාත්‍යන්තර ඇගයීමක් ලෙස සැලකෙන World Luxury Spa Awards සම්මාන උළෙලේදී 2025 වසරේ නිරිතදිග ආසියාවේ හොඳම රූපලාවණ්‍ය නිෂ්පාදනයට හිමි සම්මානය (Best Beauty Product in South West Asia) දිනාගැනීමට ශ්‍රී ලාංකේය සන්නාමයක් වන FRELLA සමත් වී තිබෙනවා.
මෙම සුවිශේෂී ජාත්‍යන්තර ජයග්‍රහණය ඔවුන්ට හිමි වී ඇත්තේ, පුරාණ ආසියානු සුව කිරීමේ සම්ප්‍රදායන් සහ සොබාදහමේ පවිත්රත්වය මූලික කරගනිමින් ඔවුන් විසින් නිර්මාණය කර ඇති ඉහළ ප්‍රමිතියෙන් යුත් සුවතා නිෂ්පාදන පෙළ හේතුවෙනි. Frella International ආයතනය යටතේ ක්‍රියාත්මක වන මෙම සන්නාමය, Paraben, Sulfate සහ Alcohol වැනි කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන කාබනික (Organic) නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනු ලබනවා.
Discussion
No comments yet — start the conversation.