
Sri Lankans protest against Turkish Airlines over damaged javelins
තුර්කි ගුවන් සේවයේ ගුවන් යානය තුළදී රුමේෂ් තරංගගේ හෙල්ල කැඩී යාම හේතුවෙන් Turkish Airlines සමාජ මාධ්‍ය ගිණුම් ශ්‍රී ලාංකිකයන්ගේ කෝපයට පත් ප්‍රතිචාරවලින් පිරී යයි.
ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක රුමේෂ් තරංග ගමන් ගත් තුර්කි ගුවන් සේවයේ (Turkish Airlines) ගුවන් යානය තුළදී ඔහුගේ හෙල්ල 5 ක් කැඩී යාමේ සිදුවීමත් සමඟ, මේ වන විට එම ගුවන් සේවයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් වෙත ශ්‍රී ලාංකිකයින් දැඩි ලෙස සිය විරෝධය පළ කරමින් සිටිනවා. මෙම වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන් Turkish Airlines හි Facebook ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය ගිණුම් මේ වන විටත් ශ්‍රී ලාංකිකයින්ගේ දැඩි විරෝධතා සහ කෝපයට පත් ප්‍රතිචාරවලින් පිරී ගොස් තිබෙනවා.
මෙම තත්ත්වය හටගෙන ඇත්තේ World Athletics Ultimate Championship තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු අද උදෑසන දිවයිනට පැමිණීමේදී රැගෙන ආ Javelins 5 ක්ම ගුවන් ගමන අතරතුරදී කැඩී දැඩි ලෙස හානි වී තිබීම හේතුවෙනි. ඔහු විසින් මීටර් 92 සීමාව පසුකරමින් අතිවිශිෂ්ට දක්ෂතා දැක්වීම සඳහා යොදාගත් හෙල්ලයන් මෙලෙස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ.
මෙලෙස විනාශ වූ Javelins වල වටිනාකම රුපියල් ලක්ෂ 20 කට අධික වන බව ඔහුගේ පියා විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ඔහු මේ වන විට අදාළ ගුවන් සේවය වෙත නිල වශයෙන් පැමිණිලි කල බව ද වැඩිදුරටත් වාර්තා වනවා.
Discussion
No comments yet — start the conversation.