Swapped sets new all-time record as Netflix’s biggest animated movie launch

Swapped sets new all-time record as Netflix’s biggest animated movie launch

Netflix ඉතිහාසයේ සජීවීකරණ චිත්‍රපටයක් ලබාගත් සාර්ථකම ආරම්භය සනිටුහන් කිරීමට Skydance Animation ආයතනය නිෂ්පාදනය කළ Swapped චිත්‍රපටය සමත්ව තිබෙනවා. මෙම චිත්‍රපටය නිකුත් වී පළමු දින 7 තුළ පමණක් ලොව පුරා මිලියන 38.7 ක නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගෙන ඇති අතර, එය මෙතෙක් Netflix හි සජීවීකරණ චිත්‍රපටයක් දින 7ක් ඇතුළත තැබූ ඉහළම වාර්තාවයි.

විශේෂයෙන්ම මෙම සතිය තුළ මෙහි නැරඹුම් පැය ගණන 150% දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්. ආරම්භක දින තුන තුළ මිලියන 15.5ක නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගත් මෙම චිත්‍රපටය, දින 7ක කාලය තුළ මිලියන 38.7ක වාර්තාගත නැරඹුම් සංඛ්‍යාවක් කරා ළඟා වීමට සමත් වුණා. මීට පෙර එම වාර්තාව තබා තිබූ The Sea Beast සහ Leo වැනි ජනප්‍රිය චිත්‍රපට ද අභිබවා යෑමට Swapped සමත්ව තිබෙනවා.

Tangled චිත්‍රපටයේ අධ්‍යක්ෂ Nathan Greno විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය වනාන්තරයක වෙසෙන කුඩා සතෙකු (Pookoo) සහ පක්ෂියෙකු (Javan) අතර සිදුවන ශරීර හුවමාරුවක් වටා ගෙතී ඇති මෙම අපූරු කතාව මේ වන විට Netflix හි ලොව පුරා රටවල් 90කට අධික සංඛ්‍යාවක ජනප්‍රියතම නිර්මාණ 10 අතරට එක්ව තිබෙනවා.