Tamil Nadu Chief Minister C. Joseph Vijay Expresses Solidarity on Mullivaikkal Remembrance Day

Tamil Nadu Chief Minister C. Joseph Vijay Expresses Solidarity on Mullivaikkal Remembrance Day

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සහ Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂයේ නායක C. Joseph Vijay හෙවත් අපි කවුරුත් හඳුනන තලපතා මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය නිමිත්තෙන් ලොව පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරා වෙත සිය සහයෝගීතාවය පළ කරමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවට ප්‍රකාශ කර තිබෙනවා.

සිය 𝕏 ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මුල්ලිවයික්කාල්හි බිහිසුණු මතකයන් තමන් සැමවිටම හදවතින්ම දරා සිටින බවයි. එමෙන්ම මුහුදෙන් එතෙර ජීවත් වන සියලුම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් සැමවිටම ස්ථාවරව සහයෝගීව පෙනී සිටින බවද තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහුට මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක්
කිරීමට මතක් වී ඇත්තේ සවස 6ත් පසූ වී වීම විශේෂත්‍වයක්.