Tamil Nadu TVK government to gift 1-gram gold rings to newborns in state hospitals

Tamil Nadu TVK government to gift 1-gram gold rings to newborns in state hospitals

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහඇමති තලපත් විජේගේ නායකත්වයෙන් යුත් TVK රජය විසින් එරට රජයේ රෝහල්වල උපදින සෑම බිළිඳෙකුටම ග්‍රෑම් එකක රන් මුද්දක් තෑගි කිරීමේ සුවිශේෂී වැඩසටහනක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. Thaaimaaman Thanga Mothiram ලෙස නම් කර ඇති මෙම නවතම ව්‍යාපෘතිය සඳහා වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 756 කට ආසන්න දැවැන්ත මුදලක් වෙන් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

මෙම ව්‍යාපෘතිය එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, මහඇමති තලපතාගේ උපන්දිනය යෙදී තිබුණු 2026 ජූනි 22 වන දින සිට රජයේ රෝහල්වල උපත ලැබූ සියලුම දරුවන් සඳහා මෙම දීමනාව හිමිවන බවට රජය විසින් නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් ජනතාවගේ බදු මුදල් යොදාගනිමින් මෙවැනි දැවැන්ත සහනාධාර ව්‍යාපෘති හරහා නොමිලේ දේවල් බෙදාදීමේ දේශපාලන සංස්කෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් ආන්දෝලනාත්මක කතාබහක්ද නිර්මාණය වී තිබෙනවා. මේ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද මේක හොඳ දෙයක්ද?