
Telegram says app restored on Apple's App Store
ලොව පුරා Apple App Store වෙතින් හදිසියේම ඉවත් කෙරුණු Telegram ඇප් එක නැවතත් සක්‍රිය ලෙස App Store වෙත එක් කිරීමට Apple ආයතනය පියවර ගෙන තිබෙනවා.
Telegram ආයතනය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ වන විට අදාළ ඇප් එක App Store වෙත සාර්ථකව එක්කර ඇති අතර, කෙටි කාලයක් ඇතුළත සියලුම iPhone පරිශීලකයින්ට කිසිදු බාධාවකින් තොරව එය නැවතත් ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකම හිමිවන බවයි. කෙසේ වෙතත් මෙම හදිසි ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් දෙපාර්ශවය විසින්ම මෙතෙක් පැහැදිලි කර නොමැත.
Discussion
No comments yet — start the conversation.