
Tennessee death row inmate survives lethal injections; rushed to hospital
වසර 200 කට පසු ටෙනසී ප්රාන්තයේ කාන්තාවකට මරණ දඬුවම ලබා දුන් පසු ඇය අවස්ථාවන් දෙකක්ම හමුවේ අසාමාන්ය ලෙස දිවි බේරාගනයි.
ඇමරිකාවේ Tennessee ප්රාන්තයේ මරණ දඬුවම නියම වී සිටි එකම කාන්තාව වන 50 හැවිරිදි Christa Pike, ඇයට ලබාදුන් මාරාන්තික එන්නත් මාත්රා දෙකක්ම හමුවේ අසාමාන්ය ලෙස දිවි බේරාගැනීම හේතුවෙන් කඩිනමින් රෝහල්ගත කර තිබෙනවා. 2026 සැප්තැම්බර් 30 වනදා සවස නැෂ්විල් හි Riverbend දැඩි ආරක්ෂිත බන්ධනාගාරයේදී මෙම දඬුවම ක්රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
1995 වසරේදී (ඇයට වයස අවුරුදු 18 දී) 19 හැවිරිදි Colleen Slemmer නම් තරුණියක වධ දී ඝාතනය කිරීමේ වරදට ඇයට මෙම දඬුවම නියම වී තිබුණා. ඝාතනයට ප්රධාන හේතුව වී තිබුණේ Pike ගේ පෙම්වතා සමඟ මියගිය තරුණිය සම්බන්ධතාවක් පවත්වනවා යැයි ඇති වූ ඊර්ෂ්යාවයි. ප්රශ්නය විසඳාගන්නා මුවාවෙන් තරුණියව කැලෑබද ප්රදේශයකට රැගෙන ගොස් මිනිත්තු 30 කට ආසන්න කාලයක් අමානුෂික ලෙස පහර දී වධ හිංසා පමුණුවා ඇති අතර, අවසානයේ පහර දී ඇගේ හිස්කබල පොඩිකර ඝාතනය කර තිබුණා. ඝාතනයෙන් පසු Pike විසින් මියගිය තරුණියගේ හිස්කබලේ කැබැල්ලක් සිහිවටනයක් ලෙස තමා සතුව තබාගෙන සිටි බවද පසුව හෙළි වුණා.
මෙම මරණ දඬුවම සාර්ථක වූවා නම්, එය වසර 200 කට පසු ටෙනසී ප්රාන්තයේ කාන්තාවකට මරණ දඬුවම ලබාදුන් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතව තිබුණා.
දඬුවම ක්රියාත්මක කිරීම නීතිමය අභියාචනා හේතුවෙන් පැය කිහිපයකට ප්රමාද වූ අතර, පසුව ඇමරිකානු ශ්රේෂ්ඨාධිකරණයේ 6-3 ක තීරණයක් මත එය ක්රියාත්මක කිරීමට අවසර හිමිවුණා. ඒ අනුව බලධාරීන් විසින් ප්රධාන සහ අතිරේක මාත්රාවන් ලෙස pentobarbital එන්නත් දෙකක් ඇයට ලබා දී තිබෙනවා. නමුත් සිද්ධිය දුටු සාක්ෂිකරුවන් පවසන්නේ දෙවන එන්නත ලබා දී මිනිත්තු 40 කට පසුවත් ඇයගේ හෘද ස්පන්දනය ක්රියාත්මක වී ඇති අතර, ඇය දිගටම හුස්ම ගනිමින් සහ ශබ්ද නඟා ගොරවමින් සිටි බවයි. තම අතෙහි දැඩි වේදනාවක් ඇති බව පවසමින් ඇය ප්රතිචාර දක්වා ඇති අතර, පසුව දඬුවම් කුටියේ තිර රෙදි වසා දමා, මයික්රෆෝනය ද විසන්ධි කර රාත්රී 8:53 ට පමණ මාධ්යවේදීන්ව එතැනින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
මෙම තත්ත්වය අනවශ්ය වේදනාවක් (unnecessary agony) සහ කෲර දඬුවම්වලට එරෙහි නීති උල්ලංඝනය කිරීමක් බව පවසමින් Pike ගේ නීතිඥයින් වහාම ඊට මැදිහත් වී දඬුවම නතර කර ඇයට වෛද්ය ප්රතිකාර ලබාදීමට කටයුතු කර තිබෙනවා. ටෙනසී බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ තමන් නියමිත ක්රියාපටිපාටිය අනුගමනය කළ බවත්, එම රසායනිකය සාමාන්යයෙන් ඵලදායී වන බවත්ය. කෙසේ වෙතත්, ඇයව ගිලන්රථයකින් වෙනත් වෛද්ය මධ්යස්ථානයකට රෝහල්ගත කර ඇති අතර, මේ වන විටත් ඇයට ජීවිතාරක්ෂක වෛද්ය ප්රතිකාර ලබාදෙමින් පවතිනවා. මාරාන්තික එන්නත් සම්පූර්ණයෙන්ම ලබාදීමෙන් පසුවත් සිරකරුවෙකු මෙලෙස දිවි ගලවාගැනීම නූතන ඇමරිකානු ඉතිහාසයේ වාර්තා වූ ප්රථම අවස්ථාව මෙය බවයි මරණ දඬුවම පිළිබඳ තොරතුරු මධ්යස්ථානයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
මෙම අසාර්ථක වීම දැඩි කනස්සල්ලට කරුණක් බව පවසන ටෙනසී ආණ්ඩුකාර Bill Lee විසින් මේ පිළිබඳව විශේෂ ස්වාධීන විමර්ශනයක් නියෝග කර තිබෙනවා. එමෙන්ම 2026 වසරේ දෙසැම්බර් මාසයේ ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ තවත් මරණ දඬුවමක් ද ඔහු විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. Pike ගේ නීතිඥයින් විසින් මීට පෙර සිටම එන්නත් ලබාදීමේදී නහර සොයාගැනීමේ අපහසුතා සහ ඖෂධ සම්බන්ධ ගැටලු ගැන අනතුරු අඟවා තිබුණු අතර, මෙය 2026 වසරේදී ටෙනසී ප්රාන්තය තුළ මාරාන්තික එන්නතක් අසාර්ථක වූ දෙවන අවස්ථාව වීම ද විශේෂත්වයක්.
Discussion
No comments yet — start the conversation.