
The Boys series finale airs today marking the end of an era.
IMDb දර්ශකයේ ලොව හොඳම සුපිරි වීර කතා මාලාවන් ලැයිස්තුවේ 5 වන ස්ථානයේ රැඳී සිටින (IMDb's highest-rated superhero shows) Amazon Prime Video ඔස්සේ විකාශය වූ ලොව පුරා අතිශය ජනප්රියත්වයට පත් The Boys කතා මාලාවේ අවසන් කතා සමයේ අවසන් කතාංගය අද දින විකාශය වීමට නියමිතව තිබෙනවා.
2019 වසරේ ජූලි 26 වනදා Amazon Prime Video ඔස්සේ විකාශය ආරම්භ කර පුරා වසර 7ක් තිස්සේ කතා සමයන් 5ක් යටතේ කතාංග 40ක් විකාශය කරමින් මෙලෙස අද දින සිය සම්පූර්ණ විකාශය අවසන් කරනු ලබනවා.
Garth Ennis සහ Darick Robertson විසින් රචිත The Boys නම් සුප්රසිද්ධ කොමික් පොත් මාලාව ඇසුරෙන් Eric Kripke විසින් නිර්මාණය කරන ලද මෙම කතා මාලාව,
සාම්ප්රදායික සුපිරි වීරයන්ගේ සංකල්පය සම්පූර්ණයෙන්ම කණපිට හරවමින්, අඳුරු මෙන්ම ප්රචණ්ඩකාරී කතා තේමාවක් හරහා රූපවාහිනී කතා මාලා කලාව තුළ දැවැන්ත පෙරළියක් කිරීමට The Boys සමත් වුණා. විශේෂයෙන්ම Homelander සහ Billy Butcher අතර වසර ගණනාවක් පුරා ඇදී ගිය දැවැන්ත ගැටුමේ අවසානය අද දින විකාශය වන මෙම අවසන් කොටසින් දැකගැනීමට හැකිවනු ඇති.
ඔයා Homelander ගේ පැත්තේද Butcher ගේ පැත්තෙද?
Discussion
No comments yet — start the conversation.