The Boys series finale will officially release in 4DX theatres on May 19.

The Boys series finale will officially release in 4DX theatres on May 19.

අතිශය ජනප්‍රිය The Boys කතා මාලාවේ අවසන් කතාංගය (Series Finale) එළඹෙන මැයි 19 වන දින ඇමරිකාවේ තෝරාගත් 4DX සිනමාශාලා කිහිපයක ප්‍රදර්ශනය කිරීමට Prime Video ආයතනය තීරණය කර තිබෙනවා.

4DX තාක්ෂණය යනු චිත්‍රපටයක තිරය මත දිග හැරෙන ක්‍රියාදාමයන්ට අනුව චලනය වන අසුන් (Motion Seats) මෙන්ම සිනමාශාලාව තුළ කෘතිමව නිර්මාණය කරන සුළඟ, ජලය, මීදුම, විවිධ සුවඳවල් වැනි පාරිසරික බලපෑම් ද යොදා ගන්නා ලොව දියුණුතම තාක්ෂණයකි. මෙමගින් ප්‍රේක්ෂකයාට සිනමාපටය නරඹනවාට වඩා එහි ජීවමාන කොටසක් බවට පත්වීමේ අවස්ථාව හිමි වෙයි.

ඇමරිකාවේ මෙම සුවිශේෂී 4DX ප්‍රදර්ශනය සිදුවන්නේ මැයි 20 වන දින Prime Video හරහා කතා මාලාව ලොව පුරා විකාශය වීමට පැය කිහිපයකට පෙරය