
The End of Oak Street digital copies released
බොහෝ දෙනෙක් මග බලා සිටි නවතම ඩයිනෝසර් චිත්‍රපටය වන The End of Oak Street හි digital පිටපත් මේ වන විට නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Apple TV, Prime Video සහ Fandango at Home ඇතුළු ප්‍රමුඛ පෙළේ වේදිකාවන් හරහා දැන් මෙම චිත්‍රපටය ඩිජිටල් මාධ්‍ය ඔස්සේ නැරඹීමට පුළුවන් සහ අපගේ web අඩවියෙන් නොමිලේ නැරඹීමටද හැකියාව පවතී.
1982 වසර පසුබිම් කරගත් මෙම කතාවෙන් අභිරහස් විශ්වීය සිදුවීමක් හේතුවෙන් ඩයිනෝසරයන් ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික යුගයට ඇදී යන Michigan හි පවුලක් සහ ඔවුන්ගේ අසල්වැසියන් මුහුණ දෙන ඩයිනෝසරයන්ගෙන් ජීවිතය බේරාගැනීම උදෙසා වන සටන නිරූපණය කෙරෙනවා. එහි ප්‍රධාන චරිත සඳහා Anne Hathaway සහ Ewan McGregor සමඟ Maisy Stella සහ Christian Convery රංගනයෙන් දායක වනවා.
It Follows චිත්‍රපටය නිර්මාණය කළ David Robert Mitchell විසින් අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කළ මෙම නිර්මාණය, J.J. Abrams ගේ Bad Robot සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
පසුගිය අගෝස්තු 14 වනදා සිනමා ශාලා වෙත නිකුත් වූ The End of Oak Street චිත්‍රපටය, ඇ.ඩො මිලියන 80 ත් 92 ත් අතර නිෂ්පාදන පිරිවැයකට සාපේක්ෂව ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඇ.ඩො මිලියන 115 ත් 118 ත් අතර මුදලක් උපයා ගැනීමට සමත් වුණා.
මෙම ඩිජිටල් සංස්කරණය සඳහා චිත්‍රපටයේ නිර්මාණ පසුබිම, ඩයිනෝසර නිර්මාණකරණය සහ විශේෂ ක්‍රියාදාම දර්ශන පිළිබඳ විග්‍රහයන් ඇතුළත් විශේෂාංග කිහිපයක් ද එක් කර තිබෙනවා. තවද එහි DVD, Blu-ray සහ 4K Ultra HD භෞතික සංස්කරණයන් නොවැම්බර් 3 වනදා නිකුත් කිරීමට නියමිත අතර, ඉදිරියේදී Warner Bros. ආයතනයට අයත් Max streaming සේවාව ඔස්සේ ද මෙම චිත්‍රපටය නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.
Discussion
No comments yet — start the conversation.