
The Maze Runner was released 12 years ago today.
අතිසාර්ථක විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් වන වන The Maze Runner චිත්‍රපට මාලාවෙ පළමු චිත්‍රපටය තිරගත වී අදට වසර 12 ක් සපිරෙයි. James Dashner විසින් රචිත එම නමින්ම යුත් නවකතාව ඇසුරෙන් Wes Ball ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය, එකල යොවුන් ප්‍රේක්ෂකයින් අතර දැඩි උන්මාදයක් නිර්මාණය කිරීමට සමත් වුණා.
Dylan O'Brien, Kaya Scodelario, Thomas Brodie-Sangster, Ki Hong Lee සහ Will Poulter ඇතුළු යොවුන් රංගන ශිල්පීන් රැසක් මෙහි ප්‍රධාන චරිත සඳහා සිය දායකත්වය ලබා දුන්නා. 20th Century Fox සමාගමේ නිෂ්පාදනයක් ලෙස එළිදැක්වුණු මෙය, ඩොලර් මිලියන 34 ක පමණ නිෂ්පාදන පිරිවැයක් දරා ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඩොලර් මිලියන 348 කට අධික දැවැන්ත ආදායමක් උපයා ගනිමින් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කිරීමට සමත් වුණා.
Glade නමින් හැඳින්වෙන අද්භූත වංකගිරියක් මධ්‍යයේ සිරවන Thomas ඇතුළු තරුණ පිරිසක් ඉන් ගැලවීම සඳහා සිදු කරන ත්‍රාසජනක අරගලය මෙම චිත්‍රපටය හරහා ඉතා විශිෂ්ට ලෙස නිරූපණය කර තිබුණා. මෙහි අතිමහත් සාර්ථකත්වයත් සමඟ පසුව The Scorch Trials සහ The Death Cure ලෙසින් මෙහි මීළඟ කොටස් ද්විත්වය ද ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට නිෂ්පාදකයින් පියවර ගත් අතර, අදටත් The Maze Runner යනු ලොව පුරා සිනමා ලෝලීන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ සුවිශේෂී චිත්‍රපට මාලාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
ඔයා Maze Runner චිත්‍රපට වල කැමතිම චරිතය මොකක්ද?
Discussion
No comments yet — start the conversation.