The Odyssey becomes the first non-sequel, non-remake film to surpass $1 billion at the international box office

The Odyssey becomes the first non-sequel, non-remake film to surpass $1 billion at the international box office

දෙවන කොටසක් (Sequel) හෝ ප්‍රතිනිර්මාණයක් (Remake) නොවන ස්වාධීන චිත්‍රපටයක් ජාත්‍යන්තරව ඇ.ඩො බිලියනය පසුකළ පළමු අවස්ථාව සනිටුහන් කරමින් The Odyssey චිත්‍රපටය ජාත්‍යන්තර බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො බිලියනය සීමාව පසු කරයි.

Christopher Nolan ගේ දැවැන්ත සිනමා නිර්මාණයක් වන The Odyssey චිත්‍රපටය ජාත්‍යන්තර බොක්ස් ඔෆිස් (International box office) ආදායම ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1 සීමාව පසුකර තිබෙනවා. ඒ අනුව 2009 වසරේ තිරගත වූ Avatar චිත්‍රපටයෙන් පසුව, දෙවන කොටසක් (Sequel) හෝ ප්‍රතිනිර්මාණයක් (Remake) නොවන ස්වාධීන චිත්‍රපටයක් ජාත්‍යන්තරව ඩොලර් බිලියනය පසුකළ පළමු අවස්ථාව ලෙස මෙය සිනමා ඉතිහාසයට එක්වනවා.

ලොව පුරා තිරගත වෙමින් ජාත්‍යන්තර බොක්ස් ඔෆිස් හරහා මේ වන විට ඇ.ඩො බිලියන 1.014 ක ආදායමක් උපයාගෙන ඇති අතර, ජාත්‍යන්තරව මෙම කඩඉම පසුකළ ඉතිහාසයේ 17 වන චිත්‍රපටය වන්නේ ද මෙයයි. එමෙන්ම ඇමරිකාවේ දේශීය ආදායම ද ඇතුළුව මේ වන විට ලොව පුරා උපයා ඇති සමස්ත බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො බිලියන 1.59 ක් ලෙස සටහන් වන අතර, ඒ අනුව Christopher Nolan ගේ සිනමා දිවියේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය මෙන්ම සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් හිමිකරගත් ‘R-rated’ වර්ගීකරණයේ චිත්‍රපටය බවට පත්වීමට ද The Odyssey සමත්ව තිබෙනවා.