
The Odyssey is set to become the first film ever to pass $500M on only IMAX screens
The Odyssey IMAX සිනමාහල්වලින් පමණක් ඇ.ඩො මිලියන 500 ක ආදායමක් ඉපැයූ ලොව ප්‍රථම චිත්‍රපටය බවට පත් වෙයි.
Christopher Nolan ගේ නවතම චිත්‍රපටය වන The Odyssey IMAX සිනමාහල්වලින් පමණක් ඇ.ඩො මිලියන 500 ක ආදායමක් ඉපැයූ ලොව ප්‍රථම චිත්‍රපටය බවට පත්වීමට මේ වන විට ආසන්න වී තිබෙනවා. පසුගිය ජූලි 17 වනදා නිකුත් වූ මෙය මේ වන විටත් ලොව පුරා IMAX තිර හරහා පමණක් ඩොලර් මිලියන 485 ක ආදායමක් උපයාගෙන ඇති අතර, එය මීට පෙර Avatar චිත්‍රපටය විසින් ඩොලර් මිලියන 270 ක ආදායමක් ලබමින් පිහිටුවා තිබූ වාර්තාව දෙගුණයකින් පමණ අභිබවා යාමක්. The Odyssey හි සමස්ත ආදායමෙන් 30% ක් පමණ ලැබී ඇත්තේ IMAX දර්ශන හරහා වීම ද විශේෂත්වයක්.
සම්පූර්ණයෙන්ම අලුතින්ම නිපදවූ IMAX කැමරා යොදාගනිමින් රූගත කළ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය (narrative feature) ලෙස ද මෙය ඉතිහාසයට එක්වනවා. ඒ සඳහා අඩි මිලියන 2 කට අධික IMAX පටල (film) ප්‍රමාණයක් භාවිතා කර තිබූ අතර, දෙබස් සහිත දර්ශන රූගත කිරීමේදී විශාල IMAX කැමරාවල ශබ්දය පාලනය කිරීම සඳහා විශේෂිත ‘blimp’ ආවරණ ද භාවිතා කර තිබුණා. Matt Damon, Anne Hathaway, Robert Pattinson, Zendaya සහ Tom Holland වැනි තරු රැසක් රංගනයෙන් එක්වන මෙම චිත්‍රපටයේ සැබෑ අත්දැකීම ලබා දෙන IMAX 70mm දර්ශන ලොව පුරා සිනමාහල් 41 ක පමණක් තවදුරටත් සාර්ථකව තිරගත වනවා.
IMAX වාර්තාවන්ට අමතරව මේ වන විට ලොව පුරා ඩොලර් බිලියන 1.63 කට අධික ආදායමක් ලබා ඇති The Odyssey, Christopher Nolan ගේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය බවට මෙන්ම ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ R-rated චිත්‍රපටය ලෙස ද Deadpool & Wolverine පසුකරමින් වාර්තා අතරට එක්ව තිබෙනවා. Avengers: Endgame හෝ Star Wars: The Force Awakens වැනි දැවැන්ත චිත්‍රපටවලට ද කිසි දිනෙක IMAX තිර හරහා ඩොලර් මිලියන 300 සීමාව පසුකිරීමට නොහැකි වූ පසුබිමක The Odyssey තබන මෙම වාර්තාව සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.
Discussion
No comments yet — start the conversation.