The rumored iPhone Ultra unfolds to a display surprisingly close to the 1.43:1 IMAX aspect ratio.

The rumored iPhone Ultra unfolds to a display surprisingly close to the 1.43:1 IMAX aspect ratio.

Apple සමාගම විසින් නිකුත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වන iPhone Ultra නැමති නම්‍යශීලී (foldable) ජංගම දුරකථනය දිගහැරිය පසු එහි තිරය IMAX චිත්‍රපට සඳහා භාවිත වන 1.43:1 aspect ratio අගයට ඉතා ආසන්න අනුපාතයකින් සමන්විත වන බවට කටකත වාර්තා වෙනවා.

සාමාන්‍යයෙන් ස්මාර්ට්ෆෝන් සඳහා භාවිත වන තිර අනුපාතයන්ට වඩා වෙනස් මෙම සුවිශේෂී IMAX 1.43:1 අනුපාතය හේතුවෙන් චිත්‍රපට නරඹන්නන්ට සහ වීඩියෝ නැරඹීමේදී වෙනස්ම ආකාරයේ උසස් දෘශ්‍ය අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි පැවසෙන්නේ. නම්‍යශීලී ස්මාර්ට්ෆෝන් වෙළඳපොළ වෙත ඇතුළු වීමේදී Apple සමාගම විසින් මෙම තිර සැලසුම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවටද ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ප්‍රකාශ කරනවා.