The Super Mario Galaxy Movie becomes the first 2026 film to gross $1 billion at the box office.

The Super Mario Galaxy Movie becomes the first 2026 film to gross $1 billion at the box office.

ලොව පුරා සිනමාලෝලීන්ගේ සහ වීඩියෝ ක්‍රීඩා රසිකයන්ගේ දැඩි ආකර්ෂණය දිනාගනිමින් තිරගත වන The Super Mario Galaxy Movie සජිවීකරණ චිත්‍රපටය, 2026 වසරේදී ලොව පුරා ආදායම ඇ.ඩො බිලියනය සීමාව පසුකළ පළමු චිත්‍රපටය බවට පත් වෙයි.

මෙය 2023 වසරේ නිකුත් වූ The Super Mario Bros. Movie චිත්‍රපටයේ දිගුවක් ලෙසයි නිර්මාණය වී ඇත්තේ. 2023 වසරේදී තිරගත වූ එම පළමු සිනමාපටය ද ඇමරිකානු ඩොලර් බිලියන 1.36ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ගැනීමට සමත් වුණා. ඒ 2023 වසරේ වැඩිම ලාභයක් ඉපයූ චිත්‍රපටය ලෙස වාර්තා වලට එක් වෙමිනුයි.

Nintendo හි සුප්‍රකට වීඩියෝ ක්‍රීඩා පරිශීලනය කරමින් නිර්මාණය වූ මෙම නවතම චිත්‍රපටය ද නිකුත් වූ දින සිටම ලොව පුරා සිනමාශාලා තුළ අතිශය සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් අතර, ඉතාමත් කෙටි කාලයකින් අදාළ දැවැන්ත ආදායම් වාර්තාව තැබීමට සමත් වීම සුවිශේෂී කරුණක් වනවා.