
Thieves steal Nvidia-branded trailers in California, find only 20 tons of sand
ග්රැෆික් කාඩ්පත් සහ AI උපාංග සොරකම් කිරීමේ අරමුණින් Nvidia සහ PlusAI ට්රේලර් රථ දෙකක් පැහැරගත් සොරුන් කණ්ඩායමකට එහි තිබී හමුව ඇත්තේ වැලි ටොන් 20 ක් පමණක් බව වාර්තා වනවා.
ඇමරිකාවේ California හි Bay Area ප්රදේශයේදී වටිනා AI උපාංග සොරකම් කිරීමේ අරමුණින් Nvidia සහ PlusAI ලාංඡන සහිත ට්රේලර් රථ දෙකක් පැහැරගත් සොරුන් කණ්ඩායමකට එහි තිබී හමුව ඇත්තේ වැලි ටොන් 20 ක් පමණක් බව වාර්තා වනවා. ස්වයංක්රීය ට්රක් රථ තාක්ෂණය වෙනුවෙන් Nvidia සමාගම සමඟ එක්ව කටයුතු කරන Santa Clara හි පිහිටි PlusAI සමාගමට අයත් මෙම ට්රේලර් රථ Fremont හි පිහිටි ගබඩා පරිශ්රයක නවතා තිබියදී, එහි අත් අගුළු කඩා සිය ප්රවාහන රථවලට සම්බන්ධ කරගනිමින් සොරුන් විසින් රැගෙන ගොස් තිබුණා.
ස්වයංක්රීය ධාවන පද්ධති පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලදී පූර්ණ බරක් සහිතව රථ වාහන හැසිරෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා PlusAI සමාගම විසින් මෙම ට්රේලර් තුළට රාත්තල් 40,000 ක් හෙවත් ටොන් 20 ක පමණ වැලි පුරවා තිබූ අතර, ප්රමුඛව දිස්වූ Nvidia ලාංඡනය දුටු සොරුන් එහි මිල අධික පරිගණක උපාංග ඇතැයි වරදවා වටහාගෙන ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. කෙසේ වෙතත්, සොරකම සිදුවී කෙටි වේලාවකින් Newark ප්රදේශයේ තිබී එම ට්රේලර් රථ දෙකම කිසිදු හානියක් නොමැතිව නැවත සොයාගැනීමට Fremont පොලිසිය සමත්ව ඇති අතර, සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්.
Discussion
No comments yet — start the conversation.