TikTok founder Zhang Yiming has surpassed Mukesh Ambani to become Asia’s second-richest person.

TikTok founder Zhang Yiming has surpassed Mukesh Ambani to become Asia’s second-richest person.

ලොව පුරා අතිශය ජනප්‍රිය TikTok යෙදුමේ මව් සමාගම වන ByteDance හි සම-නිර්මාතෘ Zhang Yiming, ප්‍රකට ඉන්දීය ප්‍රකෝටිපති Mukesh Ambani අභිබවා යමින් ආසියාවේ දෙවැනි ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට සමත් වී තිබෙනවා.

Bloomberg Billionaires Index වාර්තාවලට අනුව Zhang Yiming ගේ වර්තමාන ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 92.8ක් ලෙස දැක්වෙන අතර, Mukesh Ambani ගේ වත්කම ඩොලර් බිලියන 86.9ක් දක්වා පහත බැස තිබෙනවා. කෙසේ වෙතත් ඩොලර් බිලියන 117ක වත්කමක් සහිත Gautam Adani තවදුරටත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණේ පසුවනවා.

TikTok යෙදුමේ අඛණ්ඩ සාර්ථකත්වය සහ මෑතකදී හඳුන්වා දුන් Doubao නැමති කෘත්‍රිම බුද්ධි chatbot යෙදුම සඳහා මිලියන 300කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් ආකර්ෂණය වීම හරහා ByteDance සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 481ක් පමණ දක්වා ඉහළ යාම මෙම මූල්‍යමය ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. එම සමාගම තුළ Zhang Yiming සතුව සියයට 21ක පමණ කොටස් අයිතියක් පවතින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.