
සැප්තැම්බර් 5- 3 Idiots රසිකයින්ට අමතක නොවන විශේෂ දවස!
අද සැප්තැම්බර් 5... ලෝකෙ පුරා ඉන්න 3 Idiots රසිකයින්ට කවදාවත් අමතක නොවන ඒ විශේෂ දවස! මතකද අර වතුර ටැංකිය උඩදි සයිලන්සර් (රැන්චෝට කරපු අභියෝගය?
"හරියටම අවුරුදු 10කින් අපි මෙතනදිම හමුවෙමු... එදාට බලමු කවුද ජීවිතේ දිනලා තියෙන්නේ කියලා!"
ඉතින් හරියටම අද වගේ සැප්තැම්බර් 5 වෙනිදාක තමයි සයිලන්සර් තමන්ගේ සල්ලි, බලය, සාර්ථකත්වය පෙන්නන්න රැන්චෝව හොයාගෙන යන ගමන පටන් ගත්තේ. ඒ ගමනට ෆර්හාන් වගේම රාජුත් එකතු වෙලා තමන්ගේ හොඳම යාළුවව හොයාගෙන ගිය ඒ අපූරු චාරිකාව අපේ හදවත් වලට කොච්චර සමීප වුණාද?
සයිලන්සර් හිතුවෙම තමන්ට තියෙන යාන වාහන, බැංකු ගිණුම් අරන් ගිහින් රැන්චෝව පරාද කරන්න. හැබැයි අන්තිමේදී මොකද වුණේ? තනතුරු පස්සෙයි, සල්ලි පස්සෙයි ගිය සයිලන්සර්ට වඩා, තමන්ගේ ආසාව (passion) පස්සේ ගිය රැන්චෝ ජීවිතේ කොච්චර ලස්සනට දිනලා තිබුණාද කියන එක අපි හැමෝම දැක්කා.හින්දි සිනමාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේම බිහිවුණු විශිෂ්ටතම චිත්රපටයක් විදිහට '3 Idiots' චිත්රපටය හඳුන්වන්න පුළුවන්.
"සාර්ථකත්වය පස්සේ යන්න එපා, විශිෂ්ටත්වය පස්සේ යන්න, සාර්ථකත්වය ඉබේම පස්සෙන් එයි..." කියන ඒ උතුම් පාඩම රැන්චෝ අපිට කියලා දුන්නෙත් මේ අමතක නොවන කතාව අස්සෙන්. අදත් සැප්තැම්බර් 5 වෙනිදා. තමන්ගේ හීන අත්නොහැර ඉස්සරහට යන්න, ජීවිතේ තීරණාත්මක තැන්වලදි හරි පාර පෙන්නන්න ඔයාගේ ජීවිතේත් "රැන්චෝ" කෙනෙක් ඉන්නවද? එහෙමත් නැත්නම් ඔයත් එක්කම පිස්සු නටන ෆර්හාන්ලා, රාජුලා වගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවද?
Discussion
No comments yet — start the conversation.