
Watch FIFA World Cup 2026 matches for free on PEO Mobile regardless of your network
ශ්‍රී ලංකාව තුළ FIFA World Cup 2026 තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිකරගෙන සිටින PEOTV විසින් මෙරට පාපන්දු රසිකයන් වෙනුවෙන් සුවිශේෂී අවස්ථාවක් උදාකර දී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ PEO Mobile යෙදුම හරහා මෙවර ලෝක කුසලාන තරගාවලියේ සියලුම තරග සම්පූර්ණයෙන්ම නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමි කර දී ඇති බවයි ඔවුන් පවසන්නේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබ කුමන දුරකථන ජාලයක් භාවිත කළද කිසිදු ජාල භේදයකින් තොරව මෙම තරග නැරඹීමට අවස්ථාව හිමි වීමයි. මේ හරහා ලංකාවේ ඕනෑම තැනක සිට ඉතා පහසුවෙන් තමන්ගේ ජංගම දුරකථනය භාවිත කරමින් තරගාවලියේ උණුසුම සජීවීව විඳගැනීමට පාපන්දු ලෝලීන්ට හැකියාව ලැබෙනවා.
කිසිදු තරගයක් මගනොහැර එකම ක්ලික් එකකින් තමන් සිටින ඕනෑම ස්ථානයක සිට මෙම දැවැන්ත ක්‍රීඩා සැණකෙළිය නැරඹීම සඳහා අදම ඔබගේ දුරකථනයටත් අදාළ PEO Mobile App එක Download කරගන්නා ලෙස ඔවුන් සියලුම ක්‍රීඩාලෝලීන්ට ආරාධනා කර සිටිනවා.
Discussion
No comments yet — start the conversation.