
Yash’s Toxic becomes the biggest box office disaster in Indian cinema history.
Prabhas ගේ Adipurush පසු කරමින් Yash ගේ Toxic ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම අලාභයක් ලැබූ චිත්‍රපටය බවට පත් වෙයි.
ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම අලාභයක් ලැබූ චිත්‍රපටය ලෙස Yash ගේ Toxic චිත්‍රපටය වාර්තා අතරට එක්වීමට නියමිත බව සිනමා වෙළඳ වාර්තා (trade reports) පෙන්වා දෙනවා. ගණනය කිරීම්වලට අනුව ඉදිරියේදී මෙහි සමස්ත පාඩුව ඉන්දියානු රුපියල් කෝටි 300 ක් පමණ වනු ඇති බවටයි ඔවුන් ඇස්තමේන්තු කර ඇත්තේ.
Geetu Mohandas විසින් අධ්‍යක්ෂණය කර පසුගිය අගෝස්තු 26 වනදා තිරගත වීම ආරම්භ කළ මෙම චිත්‍රපටය සඳහා රුපියල් කෝටි 500 ත් 800 ත් අතර අධික පිරිවැයක් දරා තිබුණේ රූගත කිරීම් ප්‍රමාද වීම් සහ නැවත රූගත කිරීම් (reshoots) හේතුවෙනි. එහෙත් මේ වන විට ලොව පුරා උපයාගෙන ඇත්තේ රුපියල් කෝටි 337 ක් වැනි මුදලකි. ආරම්භයේදී ඉහළ ආදායමක් ලබා ගත්ත ද, ලැබුණු දුර්වල ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ ආදායම සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, අපේක්ෂිත මුදලට වඩා අඩු මිලකට ඩිජිටල් අයිතිය (digital rights) අලෙවි වීමට සිදුවීම ද මෙම දැවැන්ත පාඩුවට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
ඊට අමතරව පසුගිය සිකුරාදා නිකුත් වූ මෙහි ඉංග්‍රීසි පිටපත සඳහා මුළු ඉන්දියාව තුළම අලෙවි වී ඇත්තේ ප්‍රවේශ පත්‍ර 450 ක් පමණක් වන අතර, එයින් උපයාගෙන ඇත්තේ රුපියල් ලක්ෂයක පමණ ඉතා සුළු මුදලක්.
මීට පෙර ඉන්දීය සිනමා ඉතිහාසයේ විශාලතම පාඩුව ලැබූ චිත්‍රපටය ලෙස වාර්තා වී තිබුණේ Prabhas රංගනයෙන් දායක වූ Adipurush චිත්‍රපටයයි. නවතම ඇස්තමේන්තු අනුව මෑත කාලීනව විශාලතම පාඩු ලැබූ ඉන්දීය චිත්‍රපට ලැයිස්තුව පහතින් දැක්වෙනවා:
Toxic (2026) – ඉන්දියානු රුපියල් කෝටි 300
Adipurush (2023) – ඉන්දියානු රුපියල් කෝටි 200 – 225
Indian 2 (2024) – ඉන්දියානු රුපියල් කෝටි 170
War 2 (2025) – ඉන්දියානු රුපියල් කෝටි 150
Kanguva (2024) – ඉන්දියානු රුපියල් කෝටි 135
Radhe Shyam (2022) – ඉන්දියානු රුපියල් කෝටි 125
Game Changer (2025) – ඉන්දියානු රුපියල් කෝටි 120
Discussion
No comments yet — start the conversation.