Zack Snyder declares himself pro gay and calls 300 one of the gayest movies ever made

Zack Snyder declares himself pro gay and calls 300 one of the gayest movies ever made

ජනප්‍රිය අසාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂක Zack Snyder තමන් දැඩි සමලිංගිකයෙකු බවත් ඔහු 300 චිත්‍රපටය නිර්මාණය කළේ සමලිංගික හැඟීම් තදින්ම නිරූපණය වන ආකාරයට බවට ප්‍රකාශ කරයි.

ජනප්‍රිය වැඩ බැරි හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක Zack Snyder තමන් සමලිංගික හිතවාදී හෙවත් pro gay පුද්ගලයෙකු බව ප්‍රකාශ කරමින්, 2006 වසරේදී තිරගත වූ සිය අතිශය ජනප්‍රිය 300 චිත්‍රපටය මෙතෙක් බිහි වූ සමලිංගික හැඟීම් තදින්ම නිරූපණය වන චිත්‍රපට අතුරින් එකක් (one of the gayest movies ever made) ලෙස හඳුන්වා දී තිබෙනවා. Toronto International Film Festival හිදී ඔහුගේ නවතම චිත්‍රපටය වන The Last Photograph ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව Variety සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

තමන් ෆැසිස්ට්වාදියෙකු හෝ සමලිංගික විරෝධියෙකු බවට එල්ල වන දීර්ඝකාලීන චෝදනාවලට පිළිතුරු දෙමින් Snyder පවසා ඇත්තේ මීට පෙර Berlin Film Festival හිදී 300 චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අවස්ථාවේදී ප්‍රේක්ෂකයින් ඊට දැඩි විරෝධයක් පළ කළ බවයි. එහි පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු තමන්ගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, තමන් පැහැදිලිවම සමලිංගික හිතවාදියෙකු බවත් ඉතිහාසයේ වැඩිම සමලිංගික ස්වභාවයක් සහිත චිත්‍රපටය නිර්මාණය කළේ තමන් බවත් ඔහු සඳහන් කර තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සිනමා ශාලාවට ගොස් නැරඹීමෙන් පසුව සමලිංගික හැඟීම් ජනනය කරවිය හැකි නිර්මාණ අතලොස්සක් අතරින් 300 චිත්‍රපටය ප්‍රමුඛ එකක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

The Last Photograph චිත්‍රපටය වෙනුවෙන් එල්ල වන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් Snyder කියා සිටියේ, අන්තර්ජාලය තුළ චිත්‍රපටයට වඩා තමන්ගේ පුද්ගලිකත්වයට පහර දීම හරහා වැඩි අවධානයක් ලබාගැනීමට ඇතැමුන් උත්සාහ කරන බවයි. තමන්ට වෛර කරන බව පැවසීම සහ තමන් ෆැසිස්ට්වාදියෙකු ලෙස හැඳින්වීම හරහා පහසුවෙන් ක්ලික්ස් ලබාගත හැකි වුවත්, තමන් කිසිසේත්ම ෆැසිස්ට්වාදියෙකු නොවන බව ඔහු පෙන්වා දුන්නා.

Frank Miller ගේ ග්‍රැෆික් නවකතාවක් ඇසුරෙන් Gerard Butler ගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය වූ 300 චිත්‍රපටය, එහි අඩංගු සුවිශේෂී දෘශ්‍ය රටාවන් සහ දැඩි පුරුෂ ලිංගික ආකර්ෂණීය බව හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා විචාරකයින්ගේ දැඩි කතාබහට ලක්ව තිබුණා. Zack Snyder විසින් සිදු කරන ලද මෙම නවතම ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟ 300 චිත්‍රපටය සහ ඔහුගේ සිනමා නිර්මාණ ශෛලිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.